Published
2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 08 වන දිනය අදයි. ඒ අනුව අදත් පෙරවරු 09 සිට රාත්‍රී 09 දක්වා පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය පැවසුවේ. මේ අතර අවශ්‍යතා සහිත පාසල්වල දරුවන්ගේ අධ්‍යාපනයට ශක්තියක් විම සඳහා පොත් පරිත්‍යාග කිරීමට ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාවට මෙවරත් නෙත් එෆ් එම් රේඩියෝව අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ සඳහා ප්‍රදර්ශන භූමියේ පිහිටි නෙත් කුටියේ ඇති පොත් කැටයට පොත් පරිත්‍යාග කිරීමට ඊයේ දිනයේදී ද විශාල පිරිසක් එක් වුණා. ඒ අතරින් කිහිප දෙනෙකු නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.
“සතුට” කෘතිය රචනා කළ ප්‍රියනාත් ජයසූරිය මහතාගේ නවතම කෘතිය විශේෂ වට්ටමක් සහිතව මිලදී ගැනීමට ප්‍රදර්ශන භූමියේ පිහිටි නෙත් කුටිය වෙත පැමිණෙන ඔබට අවස්ථාව සලසා දී තිබෙනවා. 26 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා මෙවරද නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.