මෙම වසරේ පළමු මාස දෙක තුළදී පමණක් සීනි කිලෝ කෝටි 14ක් මෙරටට ආනයනය කර ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඒ සඳහා රුපියල් බිලියන 24ක මුදලක් වැය කර ඇති බවයි.