දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම යටතේ තවත් සැකකරුවන් 488 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, දිවයින පුරා ඊයේ දිනයේ සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීම් 488කදීයි. ඒ අනුව ගංජා සන්තකව සිටි සැකකරුවන් 156 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

එම සැකකරුවන් සන්තකයේ තිබී සොයාගෙන අති ගංජා ප්‍රමාණය කිලෝ ග්‍රෑම් එකයි ග්‍රෑම් 200කට ආසන්න වනවා.

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 236ක් සමග තවත් සැකකරුවන් 183 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී හෙරොයින් සන්තකව සිටි සැකකරුවන් 134 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

ඔවුන් සන්තකව තිබී හෙරොයින් ග්‍රෑම් 190කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.