ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින්.

පොලිස්පතිවරයා සම්බන්ධව ඔහු මීට පෙර කළ ප්‍රකාශයකට අදාළව ප්‍රකාශයක් ලබා දීමට මධ්‍යම අපාරාධ විමර්ශන කාර්යාංශය වෙත සාගර කාරියවසම් මහතා පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස්පතිවරයාට මරණ තර්ජන සිදු කිරීම, ජනාධිපති සහ මහජනයා අතර අනාදරයට පත්වන අයුරින් ප්‍රකාශ සිදු කිරීම යන චෝදනා මත ඔහු එලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

මධ්‍යම අපරාධ විමර්හණ කාර්යාංශය වෙත ප්‍රකාශය ලබාදීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා සහ ඔහු සමග පැමිණි පිවිතුරු හෙළ උරුමයේ නායක ගම්මන්පිළ මහතා මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා.