බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා පත් කර තිබෙනවා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් කේ ජී පී පුෂ්පකුමාර මහතා වෙත භාර දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.