සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරු රැසක් සිය සංවිධායක ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා.
පළාත් පාලන ආයතන මැතිවරණයෙන් පසු එම පළාත් පාලන ආයතන සඳහා පක්ෂයේ නිර්නායක අනුව නියෝජිතයින් තෝරා ගැනීමේදී මතුව ඇති ගැටලුවක් හේතුවෙන් මෙලෙස එම සංවිධායකවරු සිය සංවිධායක ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව බණ්ඩාරවෙල ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පසුගියදා සිය සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වූ බව නිල වශයෙන් පක්ෂයට දැනුම් දී තිබුණා.
එමෙන්ම හොරොව්පතාන ආසන සංවිධායක අනුර බුද්ධික මහතා, දඹුල්ල ආසන සංවිධායක නීතීඥ චම්පක විජේරත්න මහතා, රත්තොට ආසන සංවිධායක හා නියෝජ්‍ය ජාතික සංවිධායක වූ රංජිත් අලුවිහාරේ මහතා, නුවරඑළිය දිස්ත්‍රික් සම සංවිධායක අනගිපුර අශෝක සේපාල මහතා සහ ගාල්ල ආසන සංවිධායක බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා එලෙස සිය සංවිධායක තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත යොමු කර තිබෙනවා.
සමගි ජන බලවේගයේ පළාත් පාලන ආයතනවලට නියෝජිතයින් පත් කිරීමේදී මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය මෙලෙස අදහස් පළ කළා.
මේ අතර පක්ෂයේ නිර්ණායක අනුව පළාත් පාලන ආයතනවල නියෝජිතයින් තෝරා ගන්නා බවත් ඒ අනුව සියලුදෙනා කටයුතු කළ යුතු බවයි සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ.