Published
සිය අඛණ්ඩ වැඩ වර්ජනය අවසන් කරනුයේ විෂය භාර අමාත්‍යවරයා සමග අද පැවැත්වෙන සාකච්ඡාවේදී පිළිගත හැකි විසඳුම් ලැබුණහොත් පමණක් බව තැපැල් වෘත්තීය සමිති පවසනවා. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ විෂයභාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පෙරවරු 09ට අදාළ සාකච්ඡාව ලබා දී ඇති බවයි.
සිය අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් රුපියල් ලක්ෂ 210ක පමණ පාඩුවක් සිදුව ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.