රාගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුළදී කාන්තාවකගේ හිසකෙස් කපා අඩත්තේට්ටම් කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය ඇතුළු පස්දෙනෙකු රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝ දර්ශන පදනම් කරගනිමින් ක්‍රියාත්මක වූ රාගම පොලිසිය, වින්දිත කාන්තාවගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි.

අනතුරුව ඇයව වෛද්‍ය පරීක්ෂණ සඳහා රාගම ශික්ෂණ රෝහල වෙත යොමු කර තිබෙනවා.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු සිදුකර ප්‍රධාන සැකකාරිය වන අවුරුදු 27 ක් වන රාගම ප්‍රදේශයේ පදිංචිකාරියක් අත්අඩංගුවට ගැනුනා.

ඒ සමගම වයස අවුරුදු 20, 21, 22 සහ 23 යන වයස්වල පසුවන රාජාංගනය, කඩවත, රාගම හා ත්‍රිකුණාමළය චිනවරාය ප්‍රදේශයේ පුද්ගලයින් සිව්දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අද වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.