වර්තමානයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල වෙඩි තබා සිදු කෙරෙන පුද්ගල ඝාතන අතර ප්‍රධාන හේතුවක් වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකල්ලි අතර පවතින ගැටුම් බව නීති විද්වතුන් පවසනවා.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ලබන ලාභය බෙදා ගැනීමේදී ඔවුන් අතර එම ගැටුම් හටගන්නා බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යා හා අපරාධ යුක්ති අධ්‍යයනාංශයේ ප්‍රධාන, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ.

ඔවුන් අතර සිදු වන වෙඩි තැබීම් හමුවේ සිවිල් පුද්ගලයන්ගේ ජීවිතද අනාරක්‍ෂිත බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

තැන තැන එලෙස සිදු වන වෙඩිතැබීම් නතර කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද?

මෙම වසරේ ඊයේ දිනය දක්වා කාලය තුළ වෙඩි තැබීමේ සිද්ධීන් 73ක් වාර්තා වී ඇති බවයි පොලීසිය පැවසුවේ.

එම වෙඩි තැබීම් හමුවේ පුද්ගලයින් 39ක් මිය ගොස් තිබෙනවා.

තුවාල සිදුවූ පුද්ගලයින් සංඛ්‍යාව 42ක් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.