Published
සිරියාවේ ක්‍රියාත්මක IS ත්‍රස්ත සංවිධානයට අමෙරිකා එක්සත් ජනපද හමුදාව විසින් දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.
IS ත්‍රස්ත සංවිධානය විසින් පසුගිය මාසයේදී සිදුකළ ප්‍රහාරයකින් අමෙරිකානු හමුදා සෙබළු දෙදෙනෙකු සහ අමෙරිකානු සිවිල් පරිවර්තකයෙකු මියයාමේ සිද්ධියට ප්‍රතිචාර වශයෙන් මෙම ගුවන් ප්‍රහාර සිදුකර ඇති බවයි අමෙරිකා හමුදාව සඳහන් කරන්නේ.
අමෙරිකා හමුදා සහ හවුල් හමුදා මෙම ප්‍රහාරට සහභාගී වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
“Operation Hawkeye Strike” ලෙස නම් කළ පළමු ප්‍රතිප්‍රහාරය පසුගිය දෙසැම්බර් 19 වන දින අමෙරිකා එක්සත් ජනපදය සහ ජෝර්දානය එක්ව ක්‍රියාත්මක කර තිබුණි.




