Published
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල , දියණිය ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු දෙකක් සඳහා කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාරදුන්නා.
කොළඹ මහාධිකරන විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ මෙම අධි චෝදනා භාරදීම සිදුවුණා.
ඉන් අනතුරුව කෙහෙළිය රඹුක්වැල්ල, රමිත රඹුක්වැල්ල, දියණිය වන අමාලි නයනිකා රඹුක්වැල්ල සහ ඔවුන්ගේ සේවිකාවක වන නිපුණී ක්‍රිෂ්ණජිනා යන අයට එරෙහිව ගොනුකර තිබූ නඩු දෙකකට අදාළව මෙම චෝදනා භාරදීම සිදුවුණා.
ඉන් අනතුරුව එක් එක් විත්තිකරු රුපියල් 50000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ විනිසුරුවරයා ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් නියෝග කළා.
ඉන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා එම නඩු දෙක ජනවාරි මස 12 සහ 14 යන දිනවල කැඳවන ලෙසත් නියෝග කලා.
මේ අතර හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල යන අයට එරෙහිව තවත් නඩුවක් සඳහා මෙහිදී අධි චෝදනා භාරදීම සිදුකළා.
ඉන් අනතුරුව ඔවුන් රුපියල් 50000/- මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර දෙකක් මත මුදා හැරීමටද විනිසුරුවරයා නියෝග කලා.
ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ විනිසුරුවරයා ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තා කැඳවන ලෙසත් නියෝග කළා.
එම නඩුව යළි පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජනවාරි මස 20 වන දා කැඳවීමටද නියෝග කෙරුණ.
අමාත්‍යවරයෙක් වශයෙන් කටයුතු කරමින් සිටි කාලසීමාව තුළ පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා සේවකයින් බඳවාගෙන ඔවුන්ගේ වැටුප හා දීමනා පයින් ලබා ගැනීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළ බවට අල්ලස් කොමිසම විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එල්ල කර තිබෙනවා.



