පුද්ගලයෙකුට හෝ අධිකරණයකට අපහාස වන ආකාරයෙන් කටයුතු නොකරන්නැයි නීති ක්ෂේත්‍රයේ විද්වතුන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එසේ නොකරන පුද්ගලයින්ට එරෙහිව භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අවභාවිත කිරීම යටතේ නීතිමය පියවර ගත හැකි බවයි නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පැවසුවේ.

ද්වේශ සහගතව සහ වෛර සහගත ලෙස ප්‍රකාශ ඉදිරිපත් නොකරන්නැයි ජනතාවගෙන් මෙහිදී ඉල්ලීමක්ද කළා.