Published
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්.
දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ එම පළාතේ ස්වේච්ඡා සමිති සදහා පුටු මිලදී ගැනීමේ දී සිදුව ඇතැයි පැවසෙන සිද්ධියකට අදාළව ඔහු එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් ෂාන් විජයලාල් ද සිල්වා මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ.



