පකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර මේ වන විට පැවැත්වෙනවා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලු 8ක් දැවී ලකුණු 325ක් ලබාගත්තා.

ඒ අනුව තරඟය ජයගැනීම සඳහා පකිස්ථානයට ලැබී ඇති ඉලක්කය ලකුණු 326ක්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවත වරක් සාර්ථක පිතිහරඹයක යෙදුණු කමිදු මෙන්ඩිස් පන්දු 128දී ලකුණු 131ක් ලබා ගත්තා.

මෙම තරගයේදී කමිදු මෙන්ඩිස් සිය මංගල එක්දින ශතකය වාර්තා කිරීම විශේෂත්වයක්.

පවන් රත්නායක පන්දු 65දී ලකුණු 77යි.

මීට අමතරව අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 38ක් ලබාගත්තා.

තරඟය පැවැත්වෙන්නේ පකිස්ථානයේ ලාහොර් නුවරදීයි.