Published
මොරටුව, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ නිවසක ඊයේ රාත්රියේ හටගත් ගින්නට හේතුව ගෑස් කාන්දුවක් බවට පොලීසිය සැක පළ කරනවා.
එම ගින්නෙන් අදාළ නිවසේ පදිංචිව සිටි 81 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලැබූ බවයි පොලිසිය පැවසුවේ.
නිවසේ හටගත් ගින්න නිවා දැමුවේ මොරටුව මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයයි.
ඒ සදහා ගිනි නිවන රථ 4ක් සහ නිලධාරීන් 12 දෙනෙකු යොදවා තිබුණා.
එම නිවසේ තිබී ගෑස් සිලින්ඩර 21ක් පමණ එහිදී සොයාගෙන තිබෙනවා.




