උතුරු පළාත ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක බහුවලව ක්‍රියාත්මක වන පුනර්ජනනීය ප්‍රභව හරහා උත්පාදනය කෙරෙන විදුලිය ජාතික පද්ධතියට එක් කිරීම සඳහා කඩිනම් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව විදුලිබල අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ සඳහා අවශ්‍ය මූදල් ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය හරහා ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනටමත් පොරොන්දු වී ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා නැගූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ජාතික ජනබලවේග ආණ්ඩුව බලයට පත්වී වසරක් ඇතුළත වහල මත ස්ථාපිත සූර්ය බලශක්තියෙන් විදුලිය නිෂ්පාදනය කෙරෙන ඒකක ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කර ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී  කියාසිටියා.