හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, හිටපු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ මෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කළ තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසම සහ කොළඹ අපරාධ කොට්ඨාශය කටයුතු කරමින් සිටිනවා. ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සිදුව ඇතැයි කියනු ලබන දූෂණයක් සම්බන්ධයෙන් මාසයක පමණ කාලයක සිට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසම විසින් විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා. තුසිත හල්ලොලුව මහතා සහ අතුරලියේ රතන හිමියන් ද අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශය මගින් පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා. දින කිහිපයක් සිට ඔවුන් සොයා මෙහෙයුම් සිදු කළ නමුත් මේ වන තෙක් ඔවුන් පිළිබඳ තොරතුරු සොයා ගැනීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.
Published