කොටහේන පොලිස් වසමේ 16 වන පටුමග ප්‍රදේශයේදී පසුගිය 07 වනදා පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආහාර අනුබල දුන් සැකකාරියක් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මගින්.

එම වෙඩි තැබීමට වෙඩික්කරු පැමිණි කාර් රථයේ රියදුරු ලෙස සිටි පුද්ගලයා සහ අපරාධයට සම්බන්ධ සැකකරුවන්ට නවාතැන් පහසුකම් සැපයු සැකකාරිය එලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකාරිය මහරගම ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වනවා.

සැකකරු හා සැකකාරිය රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගනිමින් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.