සූරියවැව, වැවේගම ප්‍රදේශයේදි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. පොලීසිය පැවසුවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා එම ප්‍රදේශයේ වාඩියකට අද අලුයම ගොස් ඇති බවයි. එහිදි එම වාඩියේ සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි පොලීසිය පැවසුවේ. පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිදුකළ ප්‍රතිප්‍රහාර හමුවේ එම සැකකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කෝසල නමැති පුද්ගලයෙකු බවයි සූරියවැව පොලීසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.