පොදු මගී ප්‍රවාහන සේවාවල නිරත සියලුම රියදුරන් මෙම වසරේ දෙසැම්බර් 31 වනදාට පෙර මගී ප්‍රවාහන අවසර පත්‍රය ලබා ගැනීම අනිවාර්ය කර තිබෙනවා.
මේ, ඒ පිළිබඳ විමසා බැලීමක්.
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ පසුගිය දා සිදු වුණු බිහිසුණු බස් රථ අනතුර රටම කම්පා කළ පුවතක් වුණා.
එම අනතුරත් සමග මෙරට මගී ප්‍රවාහනයට යොදා ගන්නා බස් රථවල ප්‍රමිතිය මෙන්ම රියදුරන්ගේ ගුණාත්මකභාවය පිළිබඳව ද නැවත වරක් රට තුළ සංවාදායක් මතුව තිබෙනවා.
මෙවැනි තත්ත්වයක් යටතේ ඉහළ යන බිහිසුණු අනතුරු වැළැක්වීම සඳහා කෙටිකාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙලක් ප්‍රවාහන, මහා මාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය මගින් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබෙනවා.
පොදු මගී ප්‍රවාහන සේවාවල නිරත සියලුම රියදුරන් මෙම වසරේ දෙසැම්බර් 31 වනදාට පෙර මගී ප්‍රවාහන අවසර පත්‍රය ලබා ගැනීම අනිවාර්ය කිරීම එම වැඩපිළිවෙල යටතේ ගෙන ඇති එක් තීරණයක්.
මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ප්‍රවාහන විෂය භාර අමාත්‍ය බිමල් රත්නායක මහතා.
මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ කෙසේද? ඒ සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා කරුණු දැක්වූවා.



