අත්අඩංගුවට ගන්නා ලද සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් හැකි ඉක්මනින් ප්‍රශ්න කර සාක්‍ෂි සකස් කරමින් නඩු පැවරීමේ කටයුතු සිදු කළ යුතු බව මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසනවා.

ඔහු පැවසුවේ නඩු කටයුතු දීර්ඝ වශයෙන් ඉදිරියට පවත්වාගෙන යාමේදී ඔවුන් අධිකරණය මගින් නිදහස් වී නැවත විදෙස්ගත වීමේ අවදානමක් පවතින බවයි.

විශේෂ මහාධිකරණයක් පිහිටුවීමේ ඇති වාසි සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා.

මෙම අපරාධකරුවන්ට නඩු පැවරීම සහ ඉදිරි නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් ද මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා මෙහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කළා.