යතුරු පැදි සොරකම් කළ කල්ලියක සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ගිරිඋල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි. ගිරිඋල්ල, ලබ්බල ප්‍රදේශයේදී එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 305ක් සොයාගෙන තිබෙනවා.
ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ යතුරු පැදි සොරකම් කිරීමේ සිද්ධීන් කිහිපයක් පිළිබදවද අනාවරණ වූ බවයි පොලීසිය පැවසුවේ.
ඒ අනුව සැකකරුවන් විසින් මීගමුව හා කුලියාපිටිය පොලිස් වසම්වලදී සොරකම් කරන ලද යතුරු පැදි 5ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
ඉන් එක් යතුරුපැදියක් අපරාධ සිදුකිරීම සඳහා සැකකරුවන් යොදාගෙන ඇති බවටද අනාවරණ වූ බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ විසිවන වියේ පසුවන කොටදෙනියාව ප්‍රදේශයේ පදිංචි තරුණයන් තිදෙනෙක්.
ඔවුන් සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලීසිය මගින් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.