ඉන්දියාවේ ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ භාණ්ඩ දුම්රියක ගින්නක් හට ගෙන තිබෙනවා.

අද අලුයම 5:30 ට පමණ ඉන්දියාවේ මනාලි සිට තිරුපති කලාපය දක්වා ගමන් කරමින් තිබූ දුම්රිය තිරුවල්ලූර් දුම්රිය ස්ථානය අසලදී මෙම අනතුර සිදුවී තිබෙන්නේ

දුම්රියේ තෙල් ටැංකි තුනක් පිලී පැනීමෙන් ඇතිවූ ඉන්ධන කාන්දුවෙන් පසුව මෙම ගින්න හට ගෙන ඇති බවත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

පූර්වාරක්ෂාව සඳහා අවට ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙන අතර මෙම ගින්න හේතුවෙන් ජීවිත හානි හෝ අවට දේපළවලට හානි සිදුවී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ගිනි නිවන සහ ගලවා ගැනීමේ කණ්ඩායම් වහා එම ස්ථානයට පැමිණ දැඩි උත්සාහයකින් පසු ගින්න පාලනය කිරීමට සමත් විය.

මෙම සිද්ධිය හේතුවෙන් චෙන්නායි වෙත සහ ඉන් පිටතට දුම්රිය සේවා අඩාල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

චෙන්නායි සිට පිටත්වන දුම්රිය අටක් අවලංගු කර දුම්රිය පහක් හරවා යවන බවයි එරට දක්ෂිණ දුම්රිය සේවය නිවේදනය කර තිබෙන්නේ.