මෙම මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලේ කිසිදු වෙනසක් සිදුනොවන බව එම සමාගම පවසනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,100කටත්, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645කටත් තවදුරටත් අලෙවි කරන බවයි එම සමාගම පැවසුවේ.
මේ අතර මෙම මාසයට අදාළව ඉන්ධන මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කෙරුණා.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 06කින් පහළ දමා තිබෙනවා.
එහි නව මිල 299ක් වනවා.
ලංකා සුදු ඩීසල් ලිීටරයක් ද රුපියල් 6කින් පහළ දමා තිබෙනවා.
නව මිල සඳහන් වන්නේ 283ක්. රුපියල් 12කින් පහළ දමා ඇති සුපිරි ඩීසල් ලීිටරයක නව මිල 313ක්.
කෙසේවෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල සංශෝධනය කර නැහැ.
එහි පැවති මිල වන රුපියල් 341, මිල තවදුරටත් ක්‍රියාත්මකයි.
එමෙන්ම ලංකා භූමිතෙල් මිලෙහි වෙනසක් සිදු වී නොමැති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.
කෙසේවෙතත් ඉන්ධන මිල සංශෝධනය කළද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවා.
සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති එල් මල් ශ්‍රී ද සිල්වා මහතාද පැවසුවේ සිය ගාස්තුද අඩු නොකරන බවයි.




