අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා ගමන් කරමින් සිටි මෝටර් රථය අනතුරට ලක්ව තිබෙනවා.

හැටන් හරහා නුවරඑලිය දක්වා ගමන් කරමින් සිටියදී එම මෝටර් රථය කිතුල්ගල, කළුකොහු තැන්න ප්‍රදේශයේදී මාර්ගයෙන් ලිස්සා ගොස් විදුලි කණුවක ගැටී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අනතුරින් මෝටර් රථය ධාවනය කළ රියදුරාට හෝ නියෝජ්‍ය අමාත්‍යවරයාට කිසිදු අනතුරක් සිදුව නැහැ.

කෙසේවෙතත් අනතුරින් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා