ජුලි මස පළමුවැනිදා සිට සිදු කෙරෙන වැට් බදු සංශෝධන හේතුවෙන් බත් පැකට් එකක පවා මිල වැඩි විය හැකි බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් මෙලෙස මිල වැඩි වන්නේ වැට් බදු ප්‍රතිශතය වැඩි කිරීම නිසා නොව වැට් සඳහා ලියාපදිංචි විය යුතු අවම ආදායම් සීමාව පහලට ගෙන ඒම නිසා බවයි නෙත් නිවුස් සමග කළ විශේෂ සංවාදයකදී ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතා මෙම අදහස් පළ කළා.
ජුලි මස පළමුවැනිදා සිට අන්තර්ජාල සේවා සඳහාද වැට් බදු අය කෙරුණු ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරුණා.
ඒ අනුව අන්තර්ජාල යෙදවුම් සඳහා ගෙවිය යුතු මිලද වැඩි වනු ඇති බවයි ධනනාත් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ.
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පැවසුවේ මෙතෙක් කල් බැංකු සහ මූල්‍ය ආයතන වෙතින් අය කරන ලද 18%ක් වූ එකතු කළ අගය මත බදු සහ 2.5%ක් වූ සමාජ ආරක්ෂණ බද්ද එළැඹෙන ජූලි මස 01 වැනිදා සිට එකතු කළ අගය මත බදු වෙනුවෙන් එකතු වන බවයි.
ඒ අනුව 20.5%ක බදු ප්‍රතිශතයක් අයවනු ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.




