ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට තවත් රිදී පදක්කමක් දිනා දීමට පාලිත බණ්ඩාර අද සමත් වුණා.

ඒ F42 / F61 සහ F63 කාණ්ඩ සඳහා වූ යගුලිය විසි කිරීම පිරිමි ඉසව්වේ දීයි.

පාලිත බණ්ඩාර එහිදී දැක්වූ දක්ෂතාව මීටර් 14යි දශම 0යි 2ක්.

ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේ කුවේට් ක්‍රීඩකයෙකු විසින්.

ඔහු මීටර් 16යි දශම 0යි 6ක දක්ෂතාවක් දැක්වූවා.

ලෝකඩ පදක්කම දිනා ගත්තේ මීටර් 13යි දශම 7යි 7ක දක්ෂතාවක් දැක්වූ උස්බෙකිස්ථාන ක්‍රීඩකයෙකු විසින්.