පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත් වූ මෙතෙක් ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ 78,000කට අධික අපේක්ෂකයින් අතරින් එම වාර්තා ඉදිරිපත් කර නැත්තේ අපේක්ෂකයින් 2,600කට ආසන්න පිරිසක් බවයි ඔහු කියා සිටියේ.
මැතිවරණ කොමිෂන් සභාවේ 2026 – 2029 උපාය මාර්ගික සැලසුම් සකස් කිරීම හා ඊට සම්බන්ධ පාර්ශවකරුවන්ගේ අදහස් ලබා ගැනීම වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවැති වැඩමුළුවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මේ බව කියා සිටියා.
ඇතැම් පළාත් පාලන ආයතනවල සභා පිහිටු වීම කල් යෑම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා එහිදී පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.