Published
කොළඹ සිට බදුල්ල දක්වා ගමන් කිරීමට නව දුම්රියක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ දේශීය සහ විදෙස් සංචාරකයින්ගේ දැඩි ඉල්ලුමක් පවතින බැවින් එයට සරිලන ලෙස සති අන්තයේ මෙම නව දුම්රිය යෙදවූ බවයි. ඒ අනුව “ඇල්ල වීක්එන්ඩ් එක්ස්ප්රස්” (Ella Weekend Express)* නමින් නව දුම්රියක් ලබන 16 වනදා සිට සෑම සෙනසුරාදා දිනකම පෙරවරු 05.30ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත් ලබන 17 වනදා සිට සෑම ඉරිදා දිනකම බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වාත් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.