ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවීමට ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් දුම්රිය රියදුරු සංගමය තීරණය කර තිබෙනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව මහතා සඳහන් කළේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

මේ අතර දුම්රිය සංඥා පද්ධතියේ මතුව ඇති දෝෂ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා අදහස් පළ කළා.