රාජ්‍ය නිලධාරීන්ගේ සහයෙන් බලයට පත්වූ වත්මන් ආණ්ඩුව වර්තමානයේ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව ක්‍රියාත්මක වෙමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පවසනවා.

සමගි ජන බලවේගය අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් පත් කිරීමේදී රහස් ඡන්ද පැවැත්වීම සම් බන්ධයෙන්ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා මෙහිදී අදහස් දැක්වූවා.