හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලමින් ප්‍රසිද්ධ යූටියුබ් කරුවකු වන සුදත්ත තිලකසිරි මහතාට එරෙහිව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් අද වාරණ නියෝගයක් නිකුත් කළා.
එම වාරණ නියෝගය අගෝස්තු මස 07 වන දා දක්වා බලපැවැත්වෙන බවත් නියෝගයේ සඳහන් වුණා.
එදින මේ පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස විත්තිකාර සුදත්ත තිලකසිරි මහතා වෙත නොතීසි නිකුත් කරන ලෙසත් විනිසුරුවරයා නියම කළා.
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.
පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකරු විසින් සිය සේවා දායකයාට එරෙහිව අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශ දිගින් දිගටම නිකුත් කර තිබෙන බවත් එවැනි අනීතික කටයුතු අත් හිටුවීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා අනතුරුව මෙම නියෝග නිකුත් කළා.