ඕනෑම පුද්ගලයෙකුගේ තරාතිරම නොබලා වැව් රක්‍ෂිතවල ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කර එම භූමි රජයට අත්පත් කර ගැනීමට පියවර ගන්නා බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා පවසනවා. සිය කඳවුරේ කිහිපදෙනෙකුද එලෙස අනවසර ඉදිකිරීම් සිදු කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවට අමාත්‍යවරයා පැවසුවා. මොණරාගල, සියඹලාණ්ඩුව කොට්ඨාසයේ වැව් සහ ඇළ මාර්ග 04ක් ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා මෙම අදහස් පළ කළා.

කෙසේවෙතත් උතුරු මැද පළාතේ ඉදිකර ඇති එවැනි අනවසර ඉදිකිරීම් මාස 06ක් තුළ ඉවත් කරන්නැයි නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන් අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතාට අභියෝගයක් කළා. ඒ, මාධ්‍ය හමුවකට එක්වෙමින්.