ශ්‍රී දළදා මාලිගය විසින් වාර්ෂිකව පවත්වනු ලබන මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍ය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලබනවා ඒ සඳහා මාර්ග බාධක, ආරක්ෂක රාජකාරි, රථ වාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරයිකයින්ට මග පෙන්වීම හා රථ වාහන ගාල් කිරීම් ඇතුළු විශේෂ වැඩපිළිවෙලක් දියත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ 2025.07.30 වන දින ආරම්භ කර 2025.08.08 වන දින දක්වා වීථි සංචාරය කරනු ලබන අත‍ර පෙරහර කාලසීමාවන් තුළ ක්‍රියාත්මක රථවාහන සැලැස්ම හා දෛනික රථවාහන සැලැස්ම පහත පරිදි වේ.