රක්‍ෂිත බන්ධනාගාර ගත කළ බූස්ස බන්ධනාගාරයේ රාජකාරී කළ පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළා කළුතර බන්ධනාගාරයේ රදවා සිටිනවා.

බූස්ස බන්ධනාගාරයේ අංක 5 මුර කුටියේ රාත්‍රී කාලයේ රාජකාරී කරමින් සිටි එම පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළා සන්තකව ජංගම දුරකතනයක් ඇති බවට සී සී ටී වී කැමරා පරීක්‍ෂාවකදී අනාවරණ වූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් බූස්ස බන්ධනාගාරය අධීක්ෂණය කරනු ලබන පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ අණදෙන නිලධාරියා දැනුවත් කිරීමෙන් පසු ඔහු විසින් විමර්ශනයක් පවත්වා අදාළ සෙබළාගේ වැඩතහනම් කර තිබෙනවා.

ඉන් අනතුරුව සැකකාර පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළා රත්ගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 25 වනදා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අදාළ සැකකාර පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළා ගාල්ල බන්ධනාගාරයට රැගෙන විත් ලියාපදිංචි කිරිමෙන් පසු කලුතර බන්ධනාගාරයට මාරු කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.