ජාතික රණවිරු සැමරුම් උත්සවය පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට පිහිටි රණවිරු ස්මාරකය අභියසදී අද පස්වරුවේ පැවැත්වීමට මේ වනවිටත් සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
මෙවර ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වෙන්නේ 17 වන වරටයි.
එම රණවිරු සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 3 ට ආරම්භවිමට නියමිත බවයි එම අවස්ථාව ආවරණය කිරීමට එහි ගොස් සිටින නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරුවන් වන ලහිරු කපුගේ සහ ඉෂාර අධිකාරී පැවසුවේ.
මේ අතර පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පස්වරුවේ පැවැත්වෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.
ඒ අනුව අද පස්වරු 3.30 සිට කොළඹින් පිටවීම පොල්දූව හන්දියෙන් සහ කොළඹට ඇතුළුවීම කියෑම්හෑම් හන්දියෙන් රථ වාහන ගමනා ගමනය සීමා කිරීම හා අවස්ථානුකූලව විකල්ප මාර්ග හරහා රථ වාහන ධාවනය කරවීමට කටයුතු කරන බවයි පොලීසිය පැවසුවේ.
පාර්ලිමේන්තු මාර්ගය හරහා කොළඹ සිට පිටවීමට පැමිණෙන වාහන පොල්දුව හන්දියෙන් බත්තරමුල්ල, පාලන් තුන. කියැන්නෑම් හන්දිය හරහා ගමන් කිරීමට හැකියාව පවතිනවා.
කියැන්නෑම් හන්දියෙන් කොඹට ඇතුළුවන වාහන පාලන්තුන. බත්තරමුල්ල හරහා ගමන් කළ හැකි බවයි පොලීසිය පැවසුවේ.
රජමල්වත්ත දෙස සිටි බෝධිරාජ මාවත ඔස්සේ පැමිණෙන වාහන බත්තරමුල්ල මාර්ගයට පැමිණ අවශ්‍ය මාර්ගය ඔස්සේ ගමන් කිරීමට හැකියාව පවතිනවා.




