හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු කාන්තාවකට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා
ඒ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.
2021 වසරේ සැප්තැම්බර් මස 15 වන දා හෝ ඊට ආසන්න දිනයක කෝට්ටේ ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදු කළ වැටලීමකදී එස්.ඩී. නිලන්ති නැමැති මෙම විත්තිකාර කාන්තාව හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 42.23 ක් සමග අත්අඩංගුවට ගෙන තිබුණා.
ඉන් පසුව හෙරොයින් මත්කුඩු ශුද්ධ බර ග්‍රෑම් 42.23 ක් සන්තකයේ තබාගැනීම ජාවාරම් කිරීම සහ මත්ද්‍රව්‍යවලින් උපයා ගත් රුපියල් ලක්ෂ පනහක මුදලක් සන්තකයේ තබා ගැනීම යන චෝදනා යටතේ නීතිපතිවරයා නඩු පවරා තිබුණා.
එහෙත් හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු මෙම විත්තිකාරියට විනිසුරුවරයා විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළා.
ඒත් හෙරොයින් මත්කුඩු ජාවාරමින් රුපියල් ලක්ෂ පනහක මුදලක් උපයා ගත් බවට එල්ල කර තිබූ චෝදනාවලින් විත්තිකාරීන් නිදොස් වල නිදහස් කිරීමට අධිකරණය නියම කළා.




