පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිය දරුවන් ඇතුළත් කිරීමට අවස්ථාව යළි ලබා දෙන ලෙස ඉල්ලමින් ගුරු දරුවෝ එකමුතු සංවිධානය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අද පෙරවරුවේ ආරම්භ කළ විරෝධතාවය තවදුරටත් පැවැත් වෙනවා. එම සංවිධානයේ සම සභාපති ඉන්දික අබේසිංහ මහතා පැවසුවේ සිය ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලැබෙන තුරු විරෝධතා ක්‍රියාමාර්ගය අත්නොහරින බවයි.