Published
අස්වැසුම ආධාර මුදල් සොරාගත් බව කියන මැදවච්චිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිණියක් ලබන 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, මැදවච්චිය මහේස්ත්රාත් අධිකරණයට ලබාදුන් නියෝගයක් මතයි.
සැකකාර නිලධාරිණිය මැදවච්චිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ අස් වැසුම විෂය භාරව කටයුතු කර ඇති බවයි කැබතිගොල්ලෑව පොලීසිය පැවසුවේ.
ඒ අනුව ඇය වංචා කළ බව කියන මුදල රුපියල් 23 ලක්ෂ 50, 500ක් බවට අනාවරණ වී තිබෙනවා.




