ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරග තුනකින් යුත් එක් දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුනා.

තරගය පැවැත්වීමට නියමිතව තිබුණේ කිංස්ටන් හි සබීනා පාක්. ක්‍රීඩාංගනයෙයි.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද අලුයම 1ට තරගය ආරම්භ කිරීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් කලින් ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් පිටිය තෙත සහිත වීම නිසා නියමිත වේලාවට තරගය ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ.

නියමිත වේලාවට පැයක් පමණ ප්‍රමාදව කාසියේ වාසිය උරගා බැලුනු අතර එහිදී කා සේවා සිය දිනාගත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.

ඔවුන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කරමින් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා.

එහෙත් මීට කෙටි වෙලාවකට පසු නැවත වැසි ඇද හැලුණු අතර එකම පන්දුවක්වත් ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

දෙපිල අතර පළමු තරඟය ශ්‍රී ලංකාව ජයගත්තා.

තරගාවලියේ තුන්වන සහ අවසන් එක්දින තරඟය හෙට පැවැත්වීමට නියමිතයි.