දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා එම තනතුරින් ඉවත් කිරීම සදහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාර්තා වනවා. අකාර්යක්ෂම පාලනය හේතුවෙන් ඔහු එම තනතුරින් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ. ඊට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් බවද වාර්තා වනවා.