මෙරට ජනතාවගේ විශ්වාසනීයතම පුවත් සපයන්නා ලෙස ජනතා ගෞරවාදරය හිමිකරගෙන සිටින නෙත් නිවුස් ශ්‍රාවක ඔබ වෙනුවෙන් අද සිට තවත් වෙනස් අත්දැකීමක් සමීප කිරීමට සූදානමින් සිටිනවා.

ඒ දහවල් 12 ප්‍රවෘත්ති ප්‍රකාශයට නැවුම් ආරක් එක් කරමින්.

ඒ මෙරට රේඩියෝ ප්‍රවෘත්ති අවකාශයේ තවත් පියවරක් ඉදිරියට තැබීමේ අරමුණින් යුතුවයි.

ඒ අනුව නෙත් නිවුස් දහවල් 12 ප්‍රවෘත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ ආකාරයට තවත් වටිනාකම් එක්කරමින් දැනුම නැවුම් බව සපිරි වඩාත් ආකර්ෂණීය ප්‍රවෘත්ති ප්‍රකාශයක් අද සිට සතියේ සෑම දිනකම දහවල් දොළහට නෙත් නිවුස් ඔස්සේ ඔබ වෙත ඉදරිපත් කිරීමට අප සැලසුම්කර තිබෙනවා.

නැවුම් තොරතුරු කඩිනමින් ඔබ වෙත සමීප කරවීම මෙන්ම විශ්ලේෂණාත්මකව ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම මෙහි තවත් අරමුණක්.

අද සිට මෙම නැවුම් අත්දැකීම හා එක්වන ලෙස නෙත් ශ්‍රාවක ඔබට අප ඇරයුම් කර සිටිනවා.