සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රචාර පතුරවන පුද්ගලයින්ට එරෙහිව හදිසි අවස්ථා රෙගුලාසි යටතේ දැඩි පියවර ගන්නා බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා.

ඔහු කියා සිටියේ එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් ලද පැමිණිවලට අදාලව මේ වන විටත් විමර්ශන ක්‍රියාත්මක බවයි.

ජනාධිපතිවරයාට එරෙහිව ද මේ වන විට විවිධ මඩ ප්‍රචාර ක්‍රියාත්මක වෙමින් ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා මෙම අදහස් පළ කළා.