Published
ඇටවීරගොල්ලෑව පොලිස් වසමේ කෝන්ගොල්ලෑව ප්‍රදේශයේදී ජීව අත්බෝම්බයක්, ටී 56 ජීව පතරොම් 52 ක් හා මිලිමීටර් 09 ජීව පතරොම් 30 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් ඇටවීරගොල්ලෑව පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.




