Published
ගනේ මුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවකු ඇප මත මුදා කිරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියෝග කළා.
ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගත කළ සිටි උදාර නිර්මාල් නමැති සැකකරු ඇප මත මුදා හැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝධරගම මහතා නියෝග කළා.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි මහේස්ත්රාත්වරයා නියම කළේ.
මෙම සැකකරු ඝාතන සිද්ධියට අදාලව සිම් කාඩ් පත් ලබා දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර තිබුණා.
ඒ අනුව අදාළ සැකකරු ඇප අත්සන් කිරීමෙන් අනතුරුව ඔහුමුදාහැරීමටද අධිකරණය විසින් නියම කරනු ලැබුවා




