භාතිය හස්තියාගේ මරණයත් සමග යළි මෙරට වනඅලි සම්පත සහ අලි මිනිස් ගැටුම පිළිබඳ සමාජයේ කතාබහක් මතුව තිබෙනවා.
රට තුළ සිටින සීමිත වනඅලි සම්පත රැක ගැනීමට රටක් ලෙස කර ඇති කටයුතු ප්‍රමාණවත් ද? වනඅලි ප්‍රහාරවලින් මිනිස් ජීවිත රටට අහිමි වීම නතර වන්නේ කවදාද? වනඅලි සම්පත රැක ගැනීමට ප්‍රමාණවත් පහසුකම් රට තුළ තිබෙනවාද? මේ, වනජීවී අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ මහතා.
කෙසේ වෙතත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ මෙරට අලි සම්පත රැක ගැනීමට සහාය ලබාදීමට ඕනෑ තරම් පාර්ශව ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වීමට කැමැත්තෙන් පසුවන බවයි.
මෙරට අලි සම්පත රැක ගැනීමට දැන් කළ යුත්තේ කුමක්ද?
මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මෙරට වනඅලි සම්පත ක්‍රමයෙන් අඩු වෙමින් යද්දී හෙළයේ මහා සංස්කෘතිය ලෝකයට ගෙන යන මහනුවර ශ්‍රී දළදා පෙරහැරටත් දැන් අලි නිසා ප්‍රශ්නයක්. ඒ, පෙරහැරට ප්‍රමාණවත් හීලෑ අලි සම්පත සීඝ්‍රයෙන් අඩු වීම හේතුවෙන්.
මේ, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා.
මෙරට හීලෑ අලි සම්පතේ අනාගතය අවදානම් බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
මෙරට වනඅලි සම්පත ප්‍රමාණවත් ද? හීලෑ අලි ඇතුන් මෙතරම් සීමා සහිත වී ඇත්තේ ඇයි? නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතාගෙන් විමසීමක් කළා.