තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ කාන්තාවන් 5 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

බගවන්තලාව, කර්කස්වෝල් වතුයායේ ඉහළ කොටසේ ගසක බැද තිබූ බඹර කූඩුවක බඹර වදයට උකුස්සෙකු පහර දී කඩාගෙන යෑමෙන් පසු එම බඹර කුඩුව ඇවිස්සී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඒ අනුව තුවාල ලැබූ වතු කාන්තාවන් එම වතුයායේ ගිලන් රථයෙන් බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.