Published
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ අධිකරණයට ඉදිරිපත් නොකරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පැවසුවේ වෛද්‍ය නිර්දේශ අනුව රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ අධිකරණයට ඉදිරිපත් නොකරන බවයි. රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවකට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළි විභාගයට ගැනීමට නියමිතව තිබෙනවා. එම නඩුව ඉකුත් 22 වනදා විභාගයට ගත් අවස්ථාවේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය නියෝග කළේ සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.