පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ හේමාල් ප්‍රශාන්ත මහතාට ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා.

ඔහුව පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ වැඩබලන අණදෙන නිලධාරියා ලෙස ස්ථාන මාරුකර යවා ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය මතයි. කෙසේවෙතත් අදාළ මාරුකිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී ඊයේ සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු ලබාදී ඇත්තේ ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ හේමාල් ප්‍රශාන්ත මහතා බවයි පැවසෙන්නේ.

වසර 31ක පමණ සේවාකාලය තුළ ඔහුට කිසිදු දූෂණ චෝදනාවක් එල්ලවී නොමැති බවද පොලිස් ආරාංචි මාර්ග පවසනවා.

ඔහු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වසර දෙකකට ආසන්න කාලයේදී මත්ද්‍රව්‍ය ටොන් දෙකකට ආසන්න ප්‍රමාණයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සිය භාරයට ගෙන ඇති බවද සඳහන්.