අත්හිටවූ දීමනාව ලබා දෙන ලෙස ආණ්ඩුවට බලකරමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය අද පෙරවරුවේ කොළඹදී ආරම්භ කළ විරෝධතාව අවසන් කර තිබෙනවා. එම සංවිධානයේ ලේකම්, විශ්‍රාමික ආබාධිත රණවිරු නිශාන්ත හේරත් මහතා පැවසුවේ සිය ගැටලුවට මාසක් ඇතුළත විසඳුම් ලබාදෙන බවට ආණ්ඩුව පාර්ශ්වයෙන් ලබාදුන් පොරොන්දුවක් අනුව සිය විරෝධතාව අවසන් කළ බවයි.